Lyrics
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම්.... //
ඇඟිලි තුඩගින් වාලුකාවේ
කුරුටු ගෑ වැකි අකුරු පෙම් ගී.... //
සයුරු රල මත මැකී ගිය හැටි
ලොවට හඬගා කියන්නම්
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම්..... //
ඔබේ රුදුපති කුලය බිඳවා
රැදී ඉන්නට දෑස දෑලේ...//
ලවන් පියුමේ සුවඳ විඳි බව
ලොවට හඬගා කියන්නම්
දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම්.... //