දුප්පත් ආදරේ(ඇස් රිදෙනකන් බලා)dhuppath aadharee(aes ridhenakan balaa)

Duppath Aadare(As Ridenakan Bala)

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

ඇස් රිදෙනකන් බලා 
හිත රිදෙනකන් සිතා
මා ඔබට පෙම් කළා 
මුළු හදින් පෙම් කළා 
නොහැඟී සේ ඉන්නේ ඇයි
දුප්පත්ද මගේ ආදරේ 
දුප්පත්ද මගේ ආදරේ.....
	
ඇස් දෙකේ එල්ලිලා 
ඔය හිතේ පැටලිලා
උන්නාට පැතුමක් තියා 
හිත බියෙන් ගොළුවෙලා
කිව් විටෙක හැරයයිද මා 
නැති වෙයිද මිතුදම් අපේ 
දුප්පත්ද මගේ ආදරේ...... 

ඇස් රිදෙනකන් .....

තනිකමේ තනි වෙලා 
මා සිතින් පෙම් කළා 
වෙනකෙකුගේ නම් වෙන්නෙපා
ඔබමයි මට මැව් කෙනා 
කිව් විටෙක හැරයයිද මා 
නැති වෙයිද මිතුදම් අපේ 
දුප්පත්ද මගේ ආදරේ...... 

ඇස් රිදෙනකන් .....