Lyrics
ඇස් රිදෙනකන් බලා
හිත රිදෙනකන් සිතා
මා ඔබට පෙම් කළා
මුළු හදින් පෙම් කළා
නොහැඟී සේ ඉන්නේ ඇයි
දුප්පත්ද මගේ ආදරේ
දුප්පත්ද මගේ ආදරේ.....
ඇස් දෙකේ එල්ලිලා
ඔය හිතේ පැටලිලා
උන්නාට පැතුමක් තියා
හිත බියෙන් ගොළුවෙලා
කිව් විටෙක හැරයයිද මා
නැති වෙයිද මිතුදම් අපේ
දුප්පත්ද මගේ ආදරේ......
ඇස් රිදෙනකන් .....
තනිකමේ තනි වෙලා
මා සිතින් පෙම් කළා
වෙනකෙකුගේ නම් වෙන්නෙපා
ඔබමයි මට මැව් කෙනා
කිව් විටෙක හැරයයිද මා
නැති වෙයිද මිතුදම් අපේ
දුප්පත්ද මගේ ආදරේ......
ඇස් රිදෙනකන් .....