ගී පද
දොම්නසින් බර නිම් වළල්ලේ - තුන් ලොවේ ඝනදුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික - දම් අමා ගඟ යයි ගලා
කප් ගනන් පෙරුමන් පුරා - බුදු පදවි ලද සමිඳුන් මුවේ
ඇඳී ඇති පින්බර සිනාවෙක - රැඳී ඇත ලොව්තුරු සුවේ
නිරාමිස සුවඳැල් බැඳුණු - හිමි දෙපා දෙවුමට මගෙ ඇසේ
විරාගික කඳුළැල් නැගී එයි - පතා සදහම් අම රසේ