දොම්නසින් බරdhomnasin bara

Domnasin Bara

Lyrics

දොම්නසින් බර නිම් වළල්ලේ - තුන් ලොවේ ඝනදුර සලා
මෙත් සිහිල් කරුණා විරාගික - දම් අමා ගඟ යයි ගලා

කප් ගනන්  පෙරුමන් පුරා - බුදු පදවි ලද සමිඳුන් මුවේ
ඇඳී ඇති පින්බර සිනාවෙක - රැඳී ඇත ලොව්තුරු සුවේ

නිරාමිස සුවඳැල් බැඳුණු - හිමි දෙපා දෙවුමට මගෙ ඇසේ
විරාගික කඳුළැල් නැගී එයි - පතා සදහම් අම රසේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.