ගී පද
දොළොස් මහේ පහන වාගේ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්සමින් සන්තෝසින් ඉන්න
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පසුව මේ පාරේ ඔබ තනියම එන්න... //
මල් නෙලලා වැල් ගොතලා මාල පලන්දන්නම්
වැල්ල දිගේ කැලැ වැදි අඹ කඩලා දෙන්නම්
රැල්ල කපා ගඟෙන් එගොඩ ඔරුව ගෙන යන්නම්
චිල්ල මලේ ඔන්චිලි චිලි ඔන්චිලි පදවන්නම්
දොළොස් මහේ පහන වාගේ... /
වෙසක් මසේ දොසක් නොමැති නැකතක් තෝරනවා
තොරන් බැදලා රබන් ගහල ගෙට කැන්දන් එනවා
කැවුම් කෙසෙල් කිරිබත් ගෙන ජයට මගුල් කනවා
එයින් පස්සේ ඔබ වෙනුවෙන් මා ජීවත් වෙනවා...
දොළොස් මහේ පහන වාගේ... //