දොළොස් මහේ පහන වාගේdholos mahee pahana waagee

Dolos Mahe Pahana Wage

Lyrics

දොළොස් මහේ පහන වාගේ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්සමින් සන්තෝසින් ඉන්න  
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න 
අදින් පසුව මේ පාරේ ඔබ තනියම එන්න... //

මල් නෙලලා වැල් ගොතලා මාල පලන්දන්නම් 
වැල්ල දිගේ කැලැ  වැදි අඹ කඩලා දෙන්නම් 
රැල්ල කපා ගඟෙන් එගොඩ ඔරුව ගෙන යන්නම් 
චිල්ල මලේ ඔන්චිලි චිලි ඔන්චිලි පදවන්නම් 

දොළොස් මහේ පහන වාගේ... /

වෙසක් මසේ දොසක් නොමැති නැකතක් තෝරනවා 
තොරන් බැදලා රබන් ගහල ගෙට කැන්දන් එනවා 
කැවුම් කෙසෙල් කිරිබත් ගෙන ජයට මගුල් කනවා
එයින් පස්සේ ඔබ වෙනුවෙන් මා ජීවත් වෙනවා... 

දොළොස් මහේ පහන වාගේ... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.