දිය බෙරලිය දලු නෙලන්න ගිය දාdhiya beraliya dhalu nelanna giya dhaa

Diya Beraliya Dalu

ගී පද

දිය බෙරලිය දලු නෙලන්න ගිය දා
වැටුනු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උනුසුම් කර 
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ 

හේලන්කඩ යට හීතල හෙවනේ 
අමල්බිසෝ ගැන කතා කියාදී 
ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන් 
නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ 

වැලිපිල්ලෑවෙ නුබේ නමින් තව 
ඉද්ද පිපෙනවා හැන්දෑවේ
ගරා වැටී ගියබුලත් පන්ඩලම් 
කඳුලු සලනවා සංකාවේ

දිය බෙරලිය දලු .......

වියන් ඇඳේ මා තනිව නිදද්දී
නුබේ සුවඳමයි දැවටෙන්නෙ
අනෝතත්ත විල් තෙරේ හිඳන් නුබ 
හිනා වෙයන් මට කිරි අම්මෙ

දිය බෙරලිය දලු .......