ගී පද
දිසාපාමොක් ඇදුරුතුමණි - දුටුවදා සිට මනමෙ කුමරී
ඇගේ රුව මා මනස කළඹයි - තක්සලාවෙන් ඉවත යන්නෙමි
තුරුණු ළැම හස වැටුණු වරළස - පොතට නොව වෙන අතට යයි සිත
ඇය ද කිවිඳුන් කියන සුරලිය - සිතැඟි විහඟුන් සොයති නිදහස
ලියන අටුවා කතා විවිරණ - සැළෙන හදකට කුමන ශිල්ප ද
ඉතින් ගුරු සිත නොරිදවා යම් -වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට