දිසාපාමොක් ඇදුරුතුමණිdhisaapaamok aedhuruthumani

Disa Pamok Aduruthumani

Lyrics

දිසාපාමොක් ඇදුරුතුමණි - දුටුවදා සිට මනමෙ කුමරී
ඇගේ රුව මා මනස කළඹයි - තක්සලාවෙන් ඉවත යන්නෙමි

තුරුණු ළැම හස වැටුණු වරළස - පොතට නොව වෙන අතට යයි සිත
ඇය ද කිවිඳුන් කියන සුරලිය - සිතැඟි විහඟුන් සොයති නිදහස

ලියන අටුවා කතා විවිරණ  - සැළෙන හදකට කුමන ශිල්ප ද
ඉතින් ගුරු සිත නොරිදවා යම් -වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.