ගී පද
දිලී නිවෙනා තරු පොකුරු යට
හිරු නිවී සඳ නැගෙනවිට
නුඹේ අතගෙන මගේ සුරතට
සිත ගියා බෝ දුර ඈතට
සිත යන්න ගියේ ඇයි බෝ දුරක්
නුඹ අතගෙන මාගේ සුරතට
ආදරෙන් සිතට ලංවෙලා
පියඹා ඔබ ඈත අහසට
දිලී නිවෙනා ....
සසර වසනා තුරා ඉන්නට
පාරමීදම් පිරුවා මතකද
පැතුම් පොදි රඳවා සිත යට
හැර ගොසින් නුඹ දැන් බෝ දුරක්
ඔබ යන්න ගියේ ඇයි බෝ දුරක්
මා තනිකර ආදර සමරු මත
මතකේ රැඳුනු ඔබේ රුව
කෙසේ අමතක කරන්නද
දිලී නිවෙනා ....