දිලී නිවෙනා තරු පොකුරු යටdhilii niwenaa tharu pokuru yata

Dilee Nivena Tharu Pokuru Yata

Lyrics

දිලී නිවෙනා තරු පොකුරු යට
හිරු නිවී සඳ නැගෙනවිට
නුඹේ අතගෙන මගේ සුරතට
සිත ගියා බෝ දුර ඈතට

සිත යන්න ගියේ ඇයි බෝ දුරක්
නුඹ අතගෙන මාගේ සුරතට 
ආදරෙන් සිතට ලංවෙලා
පියඹා ඔබ ඈත අහසට

දිලී ‍නිවෙනා ....

සසර වසනා තුරා ඉන්නට
පාරමීදම් පිරුවා මතකද
පැතුම් පොදි රඳවා සිත යට
හැර ගොසින් නුඹ දැන් බෝ දුරක්

ඔබ යන්න ගියේ ඇයි බෝ දුරක්
මා තනිකර ආදර සමරු මත
මතකේ රැඳුනු ඔබේ රුව
කෙසේ අමතක කරන්නද 

දිලී ‍නිවෙනා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.