ගී පද
දිගු කලකින් අප දෙන්නා අද හමුවූවේ
නිහඬ නෙතින් පිය නොසලා ඇයි ඉන්නේ
මන්දාරම් කළුවර මැද අඳුර ගලන්නේ
හිත අද්දර රැඳුණු මතක යළි සිහිවෙන්නේ.......
සේපාලිකා මදාරාව සෙවණ පියස්සේ
ඇවිද ආව පින්කෙළවර මේදංගණියේ
විදු පියසේ නැගුණු සිනහා මුව කමලේ
මන්ද සොඳුර අද මට නුඹ සඟවන්නේ......
හමුවන්නට දහස් වරක් සිත මග බැලුවේ
මේ තරමට සසල වෙතැයි නැහැ සිතුණේ
ඉවත බලා සුසුම් හෙළා නෙතු පිය වන්නේ
සොඳුර කිමැයි රන් මුදුවක් අතැඟිලි බැඳුනේ.......
දිගු කලකින්......