දිගු කලකින්dhigu kalakin

Digu Kalakin

Music:
හෙසංක උදයකුමාර කලප්‍රියhesanka udhayakumaara kalapriya
Lyrics:
දිලුක ප්‍රසාද් ගුණතිලකdhiluka prasaadh gunathilaka

Lyrics

දිගු කලකින් අප දෙන්නා අද හමුවූවේ
නිහඬ නෙතින් පිය නොසලා ඇයි ඉන්නේ
මන්දාරම් කළුවර මැද අඳුර ගලන්නේ
හිත අද්දර රැඳුණු මතක යළි සිහිවෙන්නේ.......

සේපාලිකා මදාරාව සෙවණ පියස්සේ
ඇවිද ආව පින්කෙළවර මේදංගණියේ
විදු පියසේ නැගුණු සිනහා මුව කමලේ
මන්ද සොඳුර අද මට නුඹ සඟවන්නේ......

හමුවන්නට දහස් වරක් සිත මග බැලුවේ
මේ තරමට සසල වෙතැයි නැහැ සිතුණේ
ඉවත බලා සුසුම් හෙළා නෙතු පිය වන්නේ
සොඳුර කිමැයි රන් මුදුවක් අතැඟිලි බැඳුනේ.......

දිගු කලකින්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.