දෙපිය නගලාdhepiya nagalaa

Depiya Nagala

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
තරින්ද කසුන්tharindha kasun

ගී පද

දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ 
කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ 
පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී 
කූඩු හදනා කුරුල්ලන්  සේ නිදහසේ පියඹන්න දිරි දී 

ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි 
ආදරේ හංගලා  දෙන්නෙ පියවරු මයි 
හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි 

අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී 
අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ
දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ 
වීරයොත් තනියෙන්  අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ  

ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි....