ගී පද
දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්නනම් බෑ හිත රිදෙන කතාවක්
හමු වෙන්නැති සංසාරේ දහස් වතාවක්
හසුන් පතක ලියන්න දුක නිවන කතාවක්
වලාකුලට සඳ වී රෑ අහසේ ඉන්න
බලා හිදිමි රන් තරු කැට දෝතට ගන්න
සදාකාලිකව ඇස් දෙක ලඟ නවතින්න
සුවඳ රෝස මල මට චුට්ටක් ඉඩදෙන්න
දෙලුම් මලක් ....
සිඹින තරම් පා යුග සෙනෙහසට තුරුල් වී
පිපනු මලෙන් ආදරයේ සුවඳ ගිලිහුනී
වඩින්න දේවතාවියේ සිතෙහි ඉඩ ඇතී
බලන්න රත්තරන් දෑස ඔබටමයි හිමී
දෙලුම් මලක් ....