‍දෙලුම් මලක් වී ‍පෙම්බර සුවඳ ‍ගෙනාවත්dhelum malak wii pembara suwanda genaawath

Delum Malak Wee Pembara Suwada Genawath

Lyrics

‍දෙලුම් මලක් වී ‍පෙම්බර සුවඳ ‍ගෙනාවත්
අහන් ඉන්නනම් බෑ හිත රි‍දෙන කතාවක්
හමු ‍වෙන්නැති සංසාරේ දහස් වතාවක්
හසුන් පතක ලියන්න දුක නිවන කතාවක්

වලාකුලට සඳ වී රෑ අහසේ ඉන්න
බලා හිදිමි රන් තරු කැ‍ට දෝතට ගන්න
සදාකාලිකව ඇස් දෙක ලඟ නවතින්න
සුවඳ රෝස මල මට චුට්ටක් ඉඩ‍දෙන්න

‍දෙලුම් මලක් ....

 සිඹින තරම් පා යුග ‍සෙ‍නෙහසට තුරුල් වී
පිපනු ම‍ලෙන් ආදරයේ සුවඳ ගිලිහු‍නී
වඩින්න ‍දේවතාවි‍යේ සි‍තෙහි ඉඩ ඇතී
බලන්න රත්තරන් දෑස ඔබටමයි හිමී

‍දෙලුම් මලක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.