දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්නdheedhunnak wii nil ahasata oba enna

Dedunnak Wee Nil Ahasata Oba Enna

ගී පද

දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
මල් වැස්සක් වෙන්නම්  ආදරයෙන් මං
ඔබ අරගෙන යන්න
මට එක දවසක් හරි එක දවසක් හරි
බැරිනම් ඔබෙ වෙන්න
මහ පොතක් පිරෙන තුරු  ලියා තියන්නම් 
මතු දවසක හරි ඔබට බලාගන්න
ඔව් ඔබට බලාගන්න

හොරැහින් බලනා හැටි මගහැර යන්න ඔයා
මැනවින් හඳුනාගෙන මම ඉමි අහක බලා
පුළුවන් වුනොතින් මට ඔබගේ වෙන්න සදා
මේ සිහිනය මනරම් දොවොලක් වේවි එදා
මේ සිහිනය මනරම්
සිහිනය මනරම් දොවොලක් වේවි එදා

දේදුන්නක් වී ....

අදහන්නට බෑ එක දවසක් හමුවුවා
සිත ගන්නට බැහැ වෙනතක යන්න හැරිලා
හරි ආශාවෙන් ඇති මගෙ හදවත ලියලා
මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා
මුලු ලෝකෙම මගෙ ලඟ
මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා

දේදුන්නක් වී ....