Lyrics
දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්න
මල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මං
ඔබ අරගෙන යන්න
මට එක දවසක් හරි එක දවසක් හරි
බැරිනම් ඔබෙ වෙන්න
මහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම්
මතු දවසක හරි ඔබට බලාගන්න
ඔව් ඔබට බලාගන්න
හොරැහින් බලනා හැටි මගහැර යන්න ඔයා
මැනවින් හඳුනාගෙන මම ඉමි අහක බලා
පුළුවන් වුනොතින් මට ඔබගේ වෙන්න සදා
මේ සිහිනය මනරම් දොවොලක් වේවි එදා
මේ සිහිනය මනරම්
සිහිනය මනරම් දොවොලක් වේවි එදා
දේදුන්නක් වී ....
අදහන්නට බෑ එක දවසක් හමුවුවා
සිත ගන්නට බැහැ වෙනතක යන්න හැරිලා
හරි ආශාවෙන් ඇති මගෙ හදවත ලියලා
මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා
මුලු ලෝකෙම මගෙ ලඟ
මුලු ලෝකෙම මගෙ ලඟ ඔබ හිටියම කියලා
දේදුන්නක් වී ....