ගී පද
දෑසම රිද්දන හසගන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්ඳා …
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා …
මේ හැටි ලස්සන රූ වරුනාවට
ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා …
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා …
මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
බොරළු ප යේ ඇනිලා
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා …
ආලේ කුසුමෙන් මා හිත පිපිලා
සුවඳ හදේ රැඳිලා …
පේර නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මේ වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ …
මේ ගුරු පා රේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ …