දෑසම රිද්දන හසගන තාලෙටdhaesama ridhdhana hasagana thaaleta

Dasama Riddana

Lyrics

දෑසම රිද්දන හසගන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්ඳා ‍…
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා ‍…

මේ හැටි ලස්සන රූ වරුනාවට
ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා ‍…
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා ‍…

මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
බොරළු ප ‍යේ ඇනිලා
මා ‍ ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා ‍…
ආලේ කුසුමෙන් මා හිත පිපිලා
සුවඳ හදේ රැඳිලා ‍…

පේර නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මේ වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ ‍…
මේ ගුරු පා ‍රේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ ‍…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.