ගී පද
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ...
අමරස දිව බොජුන් ගිජු කුසයට වළඳා
සිලි සිලි සිනිඳු දිවසළු පිළි හැඳ පළඳා
මහ ජනයාට වැදි බණ කියමින් බොලඳා
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා...
ඉර හඳ අදත් පායනවා හද අරණේ
මගේ රට ණයට කෑවේ නැහැ නොව පොරණේ
හෙළ දරුවන් මේ සිංහල දෙරණේ
ඔවුනට දහඩියයි ලද උත්තම සරණේ...