ගී පද
චන්ද්‍ර මඬුල්ලෙන් සඳ රැස් ගලලා
නිසංසලේ ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක්...//
ඉසි කෝ වා රැළි මවෙත නොවේවා
හලාහල විෂෙන් උපන් චේතනා
අශාවෙන් මන මෝදු කරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්...
චන්ද්‍ර මඬුල්ලෙන්...
තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
පොපියා හස දෙන සුරවමියේ
මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
රෑ පිපිලා කළු රෝසමලක්
චන්ද්‍ර මඬුල්ලෙන්...//