චන්ද්‍ර මඬුල්ලෙන්chandhra mandullen

Chandra Madullen

Album
Snehaye Nagarayai
Lyrics:
නවරත්න සමරතුංගnawarathna samarathunga

Lyrics

චන්ද්‍ර මඬුල්ලෙන් සඳ රැස් ගලලා
නිසංසලේ ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක්...//

ඉසි කෝ වා ‍රැළි මවෙත නොවේවා
හලාහල විෂෙන් උපන් චේතනා
අශාවෙන් මන මෝදු කරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්...

චන්ද්‍ර මඬුල්ලෙන්...

තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
පොපියා හස දෙන සුරවමියේ
මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
රෑ පිපිලා කළු රෝසමලක්

චන්ද්‍ර මඬුල්ලෙන්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.