ගී පද
(බුදුන්ගේ අමා ධර්මේ
නොතේරීද නාමේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ...///)
බුදුන්ගේ අමා ධර්මේ
මලේහි වසා බඹරා උරා රොන් ගනීවී
එයින් ඌ පලා ගියදා මැරී මල් හැලේවී
(මෙසේ ලෝකේ න්‍යායේ...//)
ලෙසින් වේය පාපේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ
බුදුන්ගේ අමා ධර්මේ...
අස්ථිර වේ ජීවේ දනාගේ පිණිසේ
ස්ථිර නෑ ලෝකේ ළඟා වේ විනාසේ
(සොයාලා බැලූවෝතින්...//)
පෙනේ මේ මනාසේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ
බුදුන්ගේ අමා ධර්මේ...