බොරු ප්‍රේමයboru preemaya

Boru Premaya

සංගීතය:
අසංක කුමාරasanka kumaara
පද රචනය:
දිනූෂ් මංගලdhinuush mangala

ගී පද

බොරු ප්‍රේමයේ පැටලි සිටිනා නංගියේ 
විනාශ කර ගන්නේ ඇයි ඔබේ ජීවිතේ 
ස්ත්‍රීයකගේ ඇති වටිනම වස්තුව 
බොරු පෙමකට බිලි දෙන්නේ කුමටද 
ඔබගේ පෙම්වතා ඔබ වෙත පැමිණෙයි 
කාමයේ දොරගුළු විවර කරාගෙන 
කාත් කවුරුවත් නොමැති කාමරයේ 
නුඹ මොනවා කරන්නද මගේ නැගනියනේ 
සුසිනිඳු සයනේ ඔබ සතපා නංගියෙ 
පතිවත කෙලසයි කාමෙන් මත් වී 
දින සති ගෙවි ගොස් මාසේ ලං වේ 
ඔබෙ ආදරෙ දැන් ඔහුට එපා වේ 
බොරු වැරදි පටවා ඔබ වෙත ඔහු අද 
ඔබ මග හැර යයි නොහඳුනන විලසින් 
ඔහුගේ ප්‍රේමය වෙන කෙනෙකුන් හට 
අයිතිව ඇත අද දිනයෙ නංගියේ 
ඔබ එදා දෙපාරක් නොහිතා කල වරදේ 
පැටලි ඉන්නේ ඔබමයි නංගියේ 
ඔබ වාගේම තවත් සහෝදරියන් පිරිසක් 
මේ කාමාතුරයාගෙ බහට එකග වී 
තම පතිවත නැති කරගෙන ඇත්ද 

කාමය රජ වෙන මේ කලියුගයේ 
කාමය වෙස් ගත් ප්‍රේමයේ පැටලී 
ජීවිත බිලි ගෙන යන මේ යුගයේ 
හැදියල්ලා බොල නගේ මලේ 

කාමය රජ වෙන මේ කලියුගයේ 
අහිංසක කෙල්ලන් අමාරුවෙ නොදා 
කොහොම හරි හිතලා හැදියන් මල්ලියේ 
උඹගේ කාමයේ පහස විදින්නට 
අහිංසක ජීවිත බිලි ගන්නේ ඇයි 
හැදියල්ලා දැන්වත් මල්ලියේ නංගියේ 

කාමය රජ වෙන මේ කලියුගයේ....