Lyrics
බොරු ප්‍රේමයේ පැටලි සිටිනා නංගියේ
විනාශ කර ගන්නේ ඇයි ඔබේ ජීවිතේ
ස්ත්‍රීයකගේ ඇති වටිනම වස්තුව
බොරු පෙමකට බිලි දෙන්නේ කුමටද
ඔබගේ පෙම්වතා ඔබ වෙත පැමිණෙයි
කාමයේ දොරගුළු විවර කරාගෙන
කාත් කවුරුවත් නොමැති කාමරයේ
නුඹ මොනවා කරන්නද මගේ නැගනියනේ
සුසිනිඳු සයනේ ඔබ සතපා නංගියෙ
පතිවත කෙලසයි කාමෙන් මත් වී
දින සති ගෙවි ගොස් මාසේ ලං වේ
ඔබෙ ආදරෙ දැන් ඔහුට එපා වේ
බොරු වැරදි පටවා ඔබ වෙත ඔහු අද
ඔබ මග හැර යයි නොහඳුනන විලසින්
ඔහුගේ ප්‍රේමය වෙන කෙනෙකුන් හට
අයිතිව ඇත අද දිනයෙ නංගියේ
ඔබ එදා දෙපාරක් නොහිතා කල වරදේ
පැටලි ඉන්නේ ඔබමයි නංගියේ
ඔබ වාගේම තවත් සහෝදරියන් පිරිසක්
මේ කාමාතුරයාගෙ බහට එකග වී
තම පතිවත නැති කරගෙන ඇත්ද
කාමය රජ වෙන මේ කලියුගයේ
කාමය වෙස් ගත් ප්‍රේමයේ පැටලී
ජීවිත බිලි ගෙන යන මේ යුගයේ
හැදියල්ලා බොල නගේ මලේ
කාමය රජ වෙන මේ කලියුගයේ
අහිංසක කෙල්ලන් අමාරුවෙ නොදා
කොහොම හරි හිතලා හැදියන් මල්ලියේ
උඹගේ කාමයේ පහස විදින්නට
අහිංසක ජීවිත බිලි ගන්නේ ඇයි
හැදියල්ලා දැන්වත් මල්ලියේ නංගියේ
කාමය රජ වෙන මේ කලියුගයේ....