ගී පද
සිංහරාජ වන පෙත සිපගෙන එන මදනල වැදිලා සිලි සිලි නාදෙට //
බෝපත් තාලෙට සෙලවෙයි //
දෙනියායේ මහ පන්සල පින්සර //
සාධු සාධු අපි නමදිමු සැමදා //
ගිං ගඟ අයිනේ සෑ රද බැබලේ බුදු රැස් විහිදෙයි බුදු මැදුරේ...
සැම සිත් මල් තුල මෙත් ගුණ පැතිරේ කරමු කරමු පින් අපි සසරේ..
දෙනියායේ මහ පන්සල පින්සර //
සාධු සාධු අපි නමදිමු සැමදා //
තන්හාවේ තිමිර පටල මායාවේ කඳුළු පොකුණ
ආශාවේ මාලිගාව
කඩා බිද දැමිය යුතු වේ //
කරුණාවේ මහා සයුර ප්‍රඥාවේ මහා පොළව ශ්‍රද්ධාවේ මහා පියුම
දෑස් හැර බැලිය යුතු වේ..
බුදු හිමි දෙසු දහම් ලොව බැබලේ...
සිංහරාජ වන පෙත සිප ගෙන එන මද නල වැදිලා සිලි සිලි නාදෙට //
බෝපත් තාලෙට සෙලවෙයි //
දෙනියායේ මහ පන්සල පින්සර //
සාධු සාධු අපි නමදිමු සැමදා ///