බෝපත් තාලෙට සෙලවෙයිboopath thaaleta selaweyi

Bopath Thaleta Selawei

Music:
ලහිරු චාමික සහ දර්ශන ගමගේlahiru chaamika saha dharshana gamagee
Lyrics:
පූජ්‍ය දළුපොත උපාලි නාහිමිpuujya dhalupotha upaali naahimi

Lyrics

සිංහරාජ වන පෙත සිපගෙන එන මදනල වැදිලා සිලි සිලි නාදෙට //
බෝපත් තාලෙට සෙලවෙයි  //

දෙනියායේ මහ පන්සල පින්සර //
සාධු සාධු අපි නමදිමු සැමදා  //
ගිං ගඟ අයිනේ සෑ රද බැබලේ බුදු රැස් විහිදෙයි බුදු මැදුරේ...
සැම සිත් මල් තුල මෙත් ගුණ පැතිරේ කරමු කරමු පින් අපි සසරේ..
දෙනියායේ මහ පන්සල පින්සර //
සාධු සාධු අපි නමදිමු සැමදා //

තන්හාවේ තිමිර පටල මායාවේ කඳුළු පොකුණ 
ආශාවේ මාලිගාව
කඩා බිද දැමිය යුතු වේ //
කරුණාවේ මහා සයුර ප්‍රඥාවේ මහා පොළව ශ්‍රද්ධාවේ මහා පියුම
දෑස් හැර බැලිය යුතු වේ..
බුදු හිමි දෙසු දහම් ලොව බැබලේ...

සිංහරාජ වන පෙත සිප ගෙන එන මද නල වැදිලා සිලි සිලි නාදෙට //
බෝපත් තාලෙට සෙලවෙයි //
දෙනියායේ මහ පන්සල පින්සර //
සාධු සාධු අපි නමදිමු සැමදා ///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.