ගී පද
(බිම හොවාලා පාලු කන්ද
හිත පුරාම රූප ඇන්දතී
ඔයා කළු වුනාට කාරි මන්ද
මට මනාප නේද සුන්දරී.....//)
(නීල නෙතැතී තී ලබන්ට
දේව වරම් මට ලැබෙන්ට.....//)
භාරවෙයන් කිරි මවුන්ට
පාන සිතේ දුක නිවෙන්ට......
බිම හොවාලා.....
(සිතේ තුරුලු වී නිදන්ට
හීන පැදුරේ දිග හැරෙන්ට.....//)
තීගෙ සියලු... ශ්‍රී වැඩෙන්ට
භාර වෙන්ඩ කළු මැකෙන්ට......
බිම හොවාලා.....