බිම හොවාලා පාලු කන්දbima howaalaa paalu kandha

Bima Howalaa Palu Kanda

Lyrics

(බිම හොවාලා පාලු කන්ද 
හිත පුරාම රූප ඇන්දතී
ඔයා කළු වුනාට කාරි මන්ද
මට මනාප නේද සුන්දරී.....//)

(නීල නෙතැතී තී ලබන්ට
දේව වරම් මට ලැබෙන්ට.....//)
භාරවෙයන් කිරි මවුන්ට
පාන සිතේ දුක නිවෙන්ට......

බිම හොවාලා.....

(සිතේ තුරුලු වී නිදන්ට
හීන පැදුරේ දිග හැරෙන්ට.....//)
තීගෙ සියලු... ශ්‍රී වැඩෙන්ට
භාර වෙන්ඩ කළු මැකෙන්ට......

බිම හොවාලා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.