ගී පද
බලා ඉන්න දුර පායා ඉරබටු තරුව වගේ
මුලුමනින්ම මාගේ හද අරගත් කුමරුනේ
එලියේ ඉන්න මා හා පෙම් නළ මුදු සුවඳ ලෙසින්
හමා යන්න නොසිතා මා කෙරෙන් මගේ ඇසුරෙන්
මුලුමනින්ම මාගේ හද අරගත් කුමරුනේ
හැඟුමන් සුසුමක අමුණා සුළඟ දිගේ මට එවලා
දෑසින් හරස් කියාලා තනි වචනෙන් බහ දීලා
ඔබ මගෙ වෙන්නේ කවදද කියලා
නිරතුරුවම අහල් මගෙ දෑසේ නතර වුනා
කදුළැලි දියවර හැරදා නොකියා මගහැර ගියදා
ඔබ දුන් ඒ හද බිදිලා එලිපිට මට ඉකි ගැසුනා
ඔබ ආයේ කොහෙන් හෝ එයි කියලා
එනමුදු මට හිතුනා මගෙ ඉරණම ඔබම නිසා
මුලුමනින්ම මාගේ හද අරගත් කුමරුනේ
බලා ඉන්න දුර පායා ඉරබටු තරුව වගේ