බලා ඉන්න දුර පායාbalaa inna dhura paayaa

Bala Inna Dura Paya

Lyrics

බලා ඉන්න දුර පායා ඉරබටු තරුව ව‍ගේ
මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ
එලි‍යේ ඉන්න මා හා ‍පෙම් නළ මුදු සුවඳ ‍ලෙසින්
හමා යන්න ‍නොසිතා මා ‍කෙ‍රෙන් ම‍ගේ ඇසු‍රෙන්
මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ

හැඟුමන් සුසුමක අමුණා සුළඟ දි‍ගේ මට එවලා
දෑසින් හරස් කියාලා තනි වච‍නෙන් බහ දීලා
ඔබ මගෙ වෙන්නේ කවදද කියලා
නිරතුරුවම අහල් මගෙ දෑසේ නතර වුනා

කදුළැලි දියවර හැරදා නොකියා මගහැර ගියදා
ඔබ දුන් ඒ හද බිදිලා එලිපිට මට ඉකි ගැසුනා
ඔබ ආයේ කොහෙන් හෝ එයි කියලා
එනමුදු මට හිතුනා මගෙ ඉරණම ඔබම නිසා

මුලුමනින්ම මා‍ගේ හද අරගත් කුමරුනේ
බලා ඉන්න දුර පායා ඉරබටු තරුව ව‍ගේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.