ගී පද
ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක්
දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන්
සුසුම් සුභ පැතුමක්
ඔබට සුභ දවසක්...//
පැනින් නහවා
ඇඟිලි ගෙලවට රනින් තැලි පලඳා
සසරා ඉම තෙක් එක්ව ඉන්නට
ආදරෙන් කොඳුරා
අතින් අත බැඳුනා...
ආයුබෝවන් පෙම්බරාණෙනි .../
හාදු තැවරූ රෝස කම්මුල් - රළු අතින් රිදවා
දෙතොල ඉකිලන - සුසුම් කැඳවන
රුදුරු බස් බනවා - නෙතු කඳුලු පුරවා
ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
කඳුලු පැන් කලසක්
යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක්
ඔබට සුභ දවසක්...