ආයුබෝවන් පෙම්බරාණෙනිaayuboowan pembaraaneni

Ayubowan Pembaraneni

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
ශාන්ත කුමාර විතානshaantha kumaara withaana

Lyrics

ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක් 
දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන් 
සුසුම් සුභ පැතුමක් 
ඔබට සුභ දවසක්...//

පැනින් නහවා 
ඇඟිලි ගෙලවට රනින් තැලි පලඳා 
සසරා ඉම තෙක් එක්ව ඉන්නට 
ආදරෙන් කොඳුරා 
අතින් අත බැඳුනා...

ආයුබෝවන් පෙම්බරාණෙනි .../

හාදු තැවරූ රෝස කම්මුල් - රළු අතින් රිදවා 
දෙතොල ඉකිලන - සුසුම් කැඳවන 
රුදුරු බස් බනවා - නෙතු කඳුලු පුරවා 

ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු 
කඳුලු පැන් කලසක් 
යහන පාමුල විහිදුවා යමි 
ඔබට සුභ දවසක් 
ඔබට සුභ දවසක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.