ආයු රඛ්ඛන්තු ආවඪා (රට රකින ජීවිත රකින)aayu rakhkhanthu aawaddaa (rata rakina jiiwitha rakina)

Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)

ගී පද

රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඪා…// 

රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය 
අගී ස්වර්ගයටත් වඩා...///
චිරං ජීවතු...// 
ආයු රඛ්ඛන්තු ආවඪා…

පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම 
සිනා සෙන්නී රෑ දිවා...////
චිරං ජීවතු...//
ආයු රඛ්ඛන්තු ආවඪා…

රට රකින ජීවිත රකින...