Lyrics
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඪා…//
රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය
අගී ස්වර්ගයටත් වඩා...///
චිරං ජීවතු...//
ආයු රඛ්ඛන්තු ආවඪා…
පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම
සිනා සෙන්නී රෑ දිවා...////
චිරං ජීවතු...//
ආයු රඛ්ඛන්තු ආවඪා…
රට රකින ජීවිත රකින...