ගී පද
අවුරුද්දේ මංගල්ලේ - කොහා හඩන නව අවුරුද්දේ
එරබදු මල් රතට දිළෙන්නා - රබන් නාදේ ගමට ඇසෙන්නා
--------------------------------Inter-------------------------------------------------
ගම වට කොට සිරියාවයි - රට වටේම කිරි උතුරයි
කජු පුහුලන් සින්දු කියන්නා - නැවුම් සුවඳ ගමට ඇවිල්ලා
අවුරුද්දේ මංගල්ලේ - කොහා හඩන නව අවුරුද්දේ
එරබදු මල් රතට දිළෙන්නා - රබන් නාදේ ගමට ඇසෙන්නා
--------------------------------Inter-------------------------------------------------
ගමේ පැලේ එළිය ගලයි - වාසනාව එබී බලයි
ගොම මැටි ගා බිම සරසන්නා - නව අවුරුදු ගමට ඇවිල්ලා
අවුරුද්දේ මංගල්ලේ - කොහා හඩන නව අවුරුද්දේ
එරබදු මල් රතට දිළෙන්නා - රබන් නාදේ ගමට ඇසෙන්නා
-----------------------------------------------------------------------------------------------------
ගායනය - රොෂාන් මාටිනස්
පද රචනය - සම්පත් ශ්‍රි විජේසිංහ
ගී තනු /සංගීතය - රොෂාන් මාටිනස්