අතීතයේ පවාathiithayee pawaa

Atheethaye Pawa

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

ගී පද

අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑම දා...

දවසක මා අමතා 
නොපෙනී කතා කළේ
දිනකදි මා හඬවා මා පෙළා
නිහඬ වුණේ...

අතීතයේ පවා .../

කෙදිනක හෝ ඔබගේ 
නොයිඳුල් සෙනෙහෙ විලේ
සැනසෙන්නම් නැවතී ආදරෙන්
සිතූ ලෙසින්...

අතීතයේ පවා .../