අතීතයේ පවාathiithayee pawaa

Atheethaye Pawa

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

Lyrics

අතීතයේ පවා
මගේ ළඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑම දා...

දවසක මා අමතා 
නොපෙනී කතා කළේ
දිනකදි මා හඬවා මා පෙළා
නිහඬ වුණේ...

අතීතයේ පවා .../

කෙදිනක හෝ ඔබගේ 
නොයිඳුල් සෙනෙහෙ විලේ
සැනසෙන්නම් නැවතී ආදරෙන්
සිතූ ලෙසින්...

අතීතයේ පවා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.