ගී පද
අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලා
මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා
ගමන නාලිය වැනිය ඈ පිය නගා ළිඳ වෙත දියට යයි
ලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු ඇගේ ඉරියව් කඩිසරයි
අරුණ උදයේ .......
සිහල ආරිය සිරිත මේ ලිය සියළු තැන්හිම රකිනවා
පිනට දහමට කැමති ඈ නිති ගමේ හඳ මෙන් දිළෙනවා
අරුණ උදයේ .....
වවයි මල් වතු වියයි පොල් අතු ගොතයි බිරළු හැඩ දමා
කොටයි වී ටික පලයි දර ගොඩ උයා දෙන්නෙත් ඈ තමා
අරුණ උදයේ .....