අරුණ උදයේ පිපුනaruna udhayee pipuna

Aruna Udaye

Lyrics

අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලා
මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා

ගමන නාලිය වැනිය ඈ පිය නගා ළිඳ වෙත දියට යයි
ලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු ඇගේ ඉරියව් කඩිසරයි

අරුණ උදයේ .......

සිහල ආරිය සිරිත මේ ලිය සියළු තැන්හිම රකිනවා
පිනට දහමට කැමති ඈ නිති ගමේ හඳ මෙන්  දිළෙනවා

අරුණ උදයේ .....

වවයි මල් වතු වියයි පොල් අතු ගොතයි බිරළු හැඩ දමා
කොටයි වී ටික පලයි දර ගොඩ උයා දෙන්නෙත් ඈ තමා

අරුණ උදයේ .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.