ගී පද
අර හීන් හඬට දිය පෑරෙන පහල වක්කඩේ
දිය ගලා බසින රීදී සිනා රැලි තාම තාම තියේ
කඳු වලලු මැදින් එන සුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවෙ තෙතමනේ...//
වැට කඩුලු මඩුලු උඩ ඇරගෙන සකලයො ඉන්නේ
මගෙ පුතේ පිහටුවමයි අත් තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ ...//
වල් කොලේ කොහොම කොතැනද මහ වනේ දන්නෙනෑ
කුන්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිද යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සීපද මගෙ පුතා අහල නෑ..//
අර හීන් හඩට ......