අර හීන් හඬට දිය පෑරෙන පහල වක්කඩේara hiin handata dhiya paerena pahala wakkadee

Ara Heen Hadata Diya

Lyrics

අර හීන් හඬට දිය පෑරෙන පහල වක්කඩේ 
දිය ගලා බසින රීදී සිනා රැලි තාම තාම තියේ
කඳු වලලු මැදින් එන සුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද  මහ පොළොවේ පපුවෙ තෙතමනේ...//

වැට කඩුලු මඩුලු උඩ ඇරගෙන සකලයො ඉන්නේ 
මගෙ පුතේ පිහටුවමයි අත් තටුවක් වෙන්නේ 
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ ...//

වල් කොලේ කොහොම කොතැනද මහ වනේ දන්නෙනෑ
කුන්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ 
පුතු සෙනේ සිරුර සිද යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සීපද මගෙ පුතා අහල නෑ..//

අර හීන් හඩට ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.