ගී පද
අපේ ජීවිතේ අද දිදුලනා ඔබේ ආදරේ මට වැටහුණා
මා උණුසුමෙන් අද වැජඹෙනා ඔබ සීතලේ ඉපදුනා
තරු ඉඟි කරයි රජු ඉපදුනා සැම දේ රඟයි සිත සතුටිනා
සිත හඬ නගයි ඒ ඇයි කියා ඔබ පැල්පතේ ඉපදුනා...
නපුරු වූ ලෝ දනා ආදරේ වෙත ගෙන යනා
ජීවිතේ රස තැන් බලා අද ප්‍රේමයේ හිරු පායනා
සුර දූතයන් ගී ගයා ඔබේ නාමේ දැන් පසසනා
ඒ තේජසින් රැව් දෙනා ඔබ ඇයි මෙසේ අප නිසා...
අපේ ජීවිතේ...
කුරුසියේ ඇණ ගසා විඳවනා බව දැන දැනා
ලෝකයේ පව් වියැකෙනා මරණයද ඔබ දරන්
මේ සැබෑ කවින් මිනිස් ගුණ දම් දෙමින්
ජීවිතේ සොම්නසත් හිතාගන්නට බෑ...
අපේ ජීවිතේ...