අපේ ජීවිතේapee jiiwithee

Ape Jeewithe

Music:
දුෂ්යන්ත් අබේගුණසේකරdhushyanth abeegunaseekara
Lyrics:
දුලංක තෙන්නකෝන්dhulanka thennakoon

Lyrics

අපේ ජීවිතේ අද දිදුලනා ඔබේ ආදරේ මට වැටහුණා
මා උණුසුමෙන් අද වැජඹෙනා ඔබ සීතලේ ඉපදුනා
තරු ඉඟි කරයි රජු ඉපදුනා සැම දේ රඟයි සිත සතුටිනා
සිත හඬ නගයි ඒ ඇයි කියා ඔබ පැල්පතේ ඉපදුනා...

නපුරු වූ ලෝ දනා ආදරේ වෙත ගෙන යනා
ජීවිතේ රස තැන් බලා අද ප්‍රේමයේ හිරු පායනා
සුර දූතයන් ගී ගයා ඔබේ නාමේ දැන් පසසනා
ඒ තේජසින් රැව් දෙනා ඔබ ඇයි මෙසේ අප නිසා...

අපේ ජීවිතේ...

කුරුසියේ ඇණ ගසා විඳවනා බව දැන දැනා
ලෝකයේ පව් වියැකෙනා මරණයද ඔබ දරන්
මේ සැබෑ කවින් මිනිස් ගුණ දම් දෙමින්
ජීවිතේ සොම්නසත් හිතාගන්නට බෑ...

අපේ ජීවිතේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.