අප රට සුරකින (දෙවිඳේ)apa rata surakina (dhewindee)

Apa Rata Surakina (Devinde)

ගී පද

(අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ....//)
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ 
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)

කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ....

(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ 
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)

අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන ‍රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
සුවසෙත සම්පත සැළසේවා....

(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ 
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)

කුළුණින් දිවනෙත්.......
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ 
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)