ගී පද
අනුරාගික නෙතු මානේ පිය නගලා
මන්දාකිණි තරු යායේ සැරිසරලා
සිහින මවනා දෙනෙත සොයලා
පවන කලතා හැඟුම ගවසා
අහස කළඹා ඔබම සොයනා
දිවිය නොතකා ඔබම පතනා
ශෘංගාරිය සොයා මන්දාකිණි ගෙවා
මහාමෙර දවා ඔබ වෙත ලං වෙමි සදා
මා ඔබෙ දෑතම දරා ගෙනයමි ලෝකය පුරා
ආදර හීසර යවා ඔබ වෙත ලං වෙමි සදා
රෑ මැවු හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා
ලෝකය පාමුල තියා ඔබ වෙත ලං වෙමි සදා
ආශා ලං ලං වේදෝ සැමදා
මා ඔබේ දෑතම දරා....
මගෙ හදවතේ රුව මැවේ නිල් නෙතු ඇගෙ මට දැනේ
හැඟුමන් මැවේ රෑ තුන්යමේ ඔබ ගැන නිතරම සිතේ
සිතුවිලි මගේ සසල වේ මල් පිනි වගෙ සුව දැනේ
රිදුමන් නොදේ මතු කිසිදිනේ ඔබෙ නෙතු නිතරම මැවේ
මා ඔබේ දෑතම දරා....
ආශා ලං ලං වේදෝ
යන්තම් පාවී යං යං නේදෝ සැමදා.....