අනුරාගික නෙතු මානේ (මහ රජ කන්සා තේමා ගීතය)anuraagika nethu maanee (maha raja kansaa theemaa giithaya)

Anuragika Nethu Mane (Maharaja Kansa Theme Song)

Lyrics

අනුරාගික නෙතු මානේ පිය නගලා
මන්දාකිණි තරු යායේ සැරිසරලා
සිහින මවනා දෙනෙත සොයලා
පවන කලතා හැඟුම ගවසා
අහස කළඹා ඔබම සොයනා
දිවිය නොතකා ඔබම පතනා
ශෘංගාරිය සොයා මන්දාකිණි ගෙවා
මහාමෙර දවා ඔබ වෙත ලං වෙමි සදා

මා ඔබෙ දෑතම දරා ගෙනයමි ලෝකය පුරා
ආදර හීසර යවා ඔබ වෙත ලං වෙමි සදා
රෑ මැවු හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා
ලෝකය පාමුල තියා ඔබ වෙත ලං වෙමි සදා

ආශා ලං ලං වේදෝ සැමදා

මා ඔබේ දෑතම දරා....
 
මගෙ හදවතේ රුව මැවේ නිල් නෙතු ඇගෙ මට දැනේ
හැඟුමන් මැවේ රෑ තුන්යමේ ඔබ ගැන නිතරම සිතේ
සිතුවිලි මගේ සසල වේ මල් පිනි වගෙ සුව දැනේ
රිදුමන් නොදේ මතු කිසිදිනේ ඔබෙ නෙතු නිතරම මැවේ

මා ඔබේ දෑතම දරා....
ආශා ලං ලං වේදෝ  
යන්තම් පාවී යං යං නේදෝ සැමදා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.