අන්සතු කියා දැනගෙනත් මං ඔයාansathu kiyaa dhaenagenath man oyaa

Ansathu Kiya Danagenath

ගී පද

අන්සතු කියා දැනගෙනත් මං ඔයා 
කාටත් හොරා හිතුමතෙන් පෙම් කලා
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා 
මා වැරදි හැමදාමත් නෑ මට සමා 

මේ විදින අවමන් ලොවෙන් මා නිසා 
නෑ දෙන්නෙ යලි මං තවත් ලං වෙලා 
පෙම් කෙරැව මතකෙන් ඔබෙන් වෙන් වෙලා 
ඈතකට යන්නම් නොඑන්නම සදා 
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා 
මා වැරදි හැමදාමත් නෑ මට සමා

උන්නාට රහසින් පෙමින් ලං වෙලා 
එයි යන්න දවසක් ඔබෙන් වෙන් වෙලා 
මේ වැරදි ඇසුරෙන් තවත් දුර නොයා 
හිදින්න ඔබ සතුටින් ප් ‍රියේ මට සමා 
නෑ වැරදි කවදාවත් සත්තයි ඔයා 
මා වැරදි හැමදාමත් නෑ මට සමා